ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කැර ඇති උද්ඝෝෂණ ව්‍යාපාරය මඟින් රාජ්‍ය විරෝධී සිදු වීමක් සිදු වුවහොත් එහි සංවිධායකයන් වන වග උත්තරකාර මන්ත්‍රිවරු 11 දෙනෙක් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා පෙරේදා (03) පොලිසියට නියෝග කෙළේය.
කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් වග උත්තරකරුවන් 11 දෙනකු ලෙස නම් කැර තිබු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නාමල් රාජපක්ෂ, දිලුම් අමුණුගම, රෝහිත අබේගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, දිනේෂ් ගුණවර්ධන, විමල් විරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, ඩ්ව් ගුණසේකර, අසංක නවරත්න යන අය රාජ්‍ය විරෝධී ක්‍රියාවක් සිදු කළහොත් වහා අත්අඩංගුවට ගැනීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කෙළේය.
මීට අමතරව මෙම උද්ඝෝෂණයට සහභාගි වී අනුගාමිකයන් වන සමාජිකයන් ද රාජ්‍ය විරෝධී ක්‍රියාවන්ට ආධාර අනුබල දිමේ චෝදනාවට අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියම කෙළේය.
කුරුදුවත්ත පොලිසිය අධිකරණයට වාර්තා ඉදිරිපත් කැර තිබු අතර එම වාර්තා සත්‍ය නම් දණ්ඩ නීති සංග්‍රහයේ 114, 115 රාජ්‍ය විරෝධි ක්‍රියා සම්බන්ධව උද්ඝෝෂකකරුවන් අත්අඩංගුවට ගත හැකි බවට මහෙස්ත්‍රාත්වරයා පොලිසියට කරුණු පහදා දෙමින් නියෝග නිකුත් කෙළේය.
ඒකාබද්ධයෙන් 11ක් අත්අඩංගුවට පත්වීමේ අවදානමක් !
2018-09-04T22:03:00-07:00
Gossip Lanka Hot News
Hot News|