gossip lanka

ගුවන් තොටේ කචල් දැමූ කුවේට් යුවලට සය මසක සිර දඬුවමක් !

තම සුරතල් සුනඛයාට එරෙහිව නිරෝධායන ක්‍රියා පටිපාටි පිළිබඳ ආරවුලක් හේතුවෙන් රේගු නිලධාරීන් සමඟ ගැටුමක් අතිකරගත් කුවේට් යුවළට බරපතළ වැඩ සහිත සය මසක සිර දඬුවම් නියම කළ අතර එය වසර 05 කට අත්හිටවීය.

පසුගිය සිකුරාදා, මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රාජින්ද්‍රා ජයසූරිය මහත්මිය විසින් එම තීන්දුව ප්‍රකාශයට පත් කළේ සාරා අල්ඩුවායි සහ ඊබ්රාහිම් අල්ෆායිහ් නැමැති දෙදෙනාටය.

රාජ්‍ය සේවකයින්ගේ රාජකාරිවලට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් වරදකරුවන් කරමින් ඔවුන්ට මෙම දඬුවම නියම කළේය.

ඊට අමතරව එම යුවලට රුපියල් 9,000/- ක දඩයක්ද අධිකරණය නියම කළේය.

මේ යුවලට එරෙහිව රේගුව විසින් ද පරීක්ෂණයක් සිදුකර තිබූ අතර එහිදී ඔවුන්ට රුපියල් ලක්ෂයක දඩයක් හා නිරෝධායන ගාස්තු ලෙස රුපියල් 15,000/-ක් ගෙවීමට ද නියමකර තිබිණි.

මේ සිද්ධිය පසුගිය ජුලි 27 වැනිදා සිදුවිය.