සිවිල් වැසියන් ඝාතනය කළ රණවිරුවන් මරා දැමූ හිටපු කොටි ත්රස්තයන්ට සුපිරි වරප්‍රසාද ඔවුන් විනාශ කළ ශ්‍රී ලංකාවෙන්ම හිමි වීමට යන පුවතක් වාර්තා වෙනවා. ඒ බිහිසුණු අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිට නිදහස් වූ හිටපු කොටි ක්‍රියාකාරීන්ගෙන් රජය සමාව ඉල්ලා ඔවුන් රැදවුම්භාරයේ සිටි කාලය වෙනුවෙන් වන්දි ගෙවන ලෙස
එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් තිදෙනෙක් ශ්‍රී ලංකා රජයට නිර්දේශ කර ඇත.
මෙම තිදෙනාගේ වාර්තාව 39 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කර තිබේ. මෙම නිර්දේශය මත මාස කිහිපයක් අත්අඩංගුවේ සිට නිදහස් වූ කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක ගුගාන්තන් මාස්ටර්ට ද ක්ලේමෝ බෝම්බ තැබීමේ සිද්ධියකට චෝදනා ලැබ නිදහස් වූ හිටපු කොටි ත්රස්තයකුටද වන්දි ලබා දීමට නිර්දේශ කර තිබේ.
ජිනීවා මානව හිමිකම් සමුළුවේදී මේ නිර්දේශය අනුමත වී ඇත. විවිධ යුද අපරාධ සිදුකිරීම ගැන දැනට හිටපු කොටි ක්‍රියාකාරීන් 86 ක් අත්අඩංගුවේ පසුවේ.
බෝම්බ ගසා මිනිසුන් සිය ගණනක් ඝාතනය කළ කොටින්ගෙන් සමාව අරන් වන්දි දෙන්න - එක්සත් ජාතීන්ගෙන් රජයට නිර්දේශ
2018-09-22T21:13:00-07:00
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Hot News|