gossip lanka

රජය පෙරලීමේ පළමු අවස්ථාව ගැන මහින්ද කියයි

රජය පෙරලන්න තියෙන පලවෙනි අවස්තාවේදී අපි මේ රජය පෙරලන්න සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නිදහස් කලා සංසදය සාමාජිකයින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා අතර හමුවක් ඊයේ පස්වරුවේ පානදුරේ දී පැවැත්විණි. මෙහිදී කලා
ක්ෂේත්‍රයට සිදු කළ සේවය අගයමින් ප්‍රවීණ කලාකරුවන්ට සම්මාන පිරිනැමීම ද හිටපු ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා මෙසේ අදහස් දැක්විය.

“අපි කලාකරුවා වෙනුවෙන් එදා කරපු වැඩ කොටස අතරමඟ නැවතුණා. අපි රන්මිණිතැන්න කියලා ස්ථානයක් හැදුවා. අද ඒ රන්මිණිතැන්න කොටස් කෑලි කඩලා නිවාස යෝජනා ක්‍රම හදමින් තියෙනවා. පුංචි මුඩුක්කු වගේ ඒවා. කලාකරුවාට නිසි තැන දෙනවා කියලා ඒ කලාකරුවෝ වැස්සේ තෙමි තෙමී ඉන්න ඕනේ නැහැ, බස් එකේ යන්න ඕනේ නැහැ, කියලා සමහර නංගිලා බස් ස්ටෑන් එකේ හිටගෙන ඇඩුවා. දැන් මම හිතන්නේ හොද කාර් වල යනවා. අද රටක් අපිට නැති වේගෙන යනවා. ඉතුරු වෙන්න දෙයක් නැහැ 2020 වෙනකොට. දැන් මට හිතෙනවා දෙයියනේ මම කරපු අපරාධයක් කියලා. ජනතාවට තිබ්බ මේ ප්‍රදේශයේ වරායක් හදලා, අධිවේගී මාර්ග හදලා, ගුවන්තොටුපලක් හදලා මුන්ට විකුණගෙන කොමිස් ගහන්න ඒක තියලා ආපු එක ගැන. නමුත් එක පැත්තකින් අපි සන්තෝස වෙනවා. මොකද ජනතාව මේවා පිළිබඳ අවබෝධයෙන් ඉන්නේ. මම හිතනවා මේ රජය පෙරලන්න තියෙන පලවෙනි අවස්තාවේදී අපි මේ රජය පෙරලන්න සූදානම්.”