ජනබලයට එන අයට නිට්ටඹුවේ දී නොසිතූ බාධාවක්

මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ, නිට්ටඹුව නගර මධ්‍යයේ විශාල වළක් හාරා ඇති බව වාර්තා වෙනවා.

මේ හේතුවෙන් මහනුවර සහ ඉන් එහා ප්‍රදේශවල සිට “ජනබලය කොළඹට” විරෝධතාවට සහභාගි වීම සඳහා පැමිණෙන ජනතාව අපහසුතාවන්ට ලක් වූ බව සඳහන්.

එ්කාබද්ධවිපක්ෂය චෝදනා නගන්නේ විරෝධතාවට
පැමිණෙන ජනතාව වැළැක්වීම සඳහා මෙම ක්‍රියාව සිදුකොට ඇති බවයි.

කෙසේ වෙතත් භූගත ජල නලයක් පුපුරා යාම හේතුවෙන් එය අලුත්වැඩියා කිරීම සඳහා මෙම කැනීම සිදු කර ඇති බවට නිට්ටඹුව පොලීසිය සඳහන් කළා.

ප්‍රධාන මාර්ගය මේ නිසා අවහිර වීමත් සමග බොහෝ වාහන විකල්පයක් ලෙස නිට්ටඹුව – කටුනායක මාර්ගය භාවිත කළ බවයි.

මේ හේතුවෙන් නිට්ටඹුව – කටුනායක ප‍්‍රධාන මාර්ගයේ නිට්ටඹුව සිට වේයන්ගොඩ දක්වා කොටසේ දැඩි රථ වාහන තදබදයක් පවතින බව පැවසෙනවා.

මේ අතර හාලිඇල ප්‍රදේශයේ සිට “ජනබලය කොළඹට” විරෝධතාවයට පැමිණීමට සූදානම්ව තිබූ බස්රථයකට අංක තහඩු නොමැති කැබ් රථයකින් ආ පිරිසක් අද අළුයම පහර දී තිබුණා.