කිලිනොච්චියේ ඉපරැණි නටඹුන් තැන්පත් කර තිබූ බව කියන ස්ථානයක් ප්‍රසිද්ධියේ ඩෝසර් කෙරේ (PHOTOS)

කිලිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානය අසළ පිහිටි චන්ද්‍ර උද්‍යානයේ තිබූ ඉපැරණි නටඹුන් සහිත ස්ථානයක් ඩෝසර් කර ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා. වැඩිදුරටත් කළ සොයා බැලිමකදී හෙළි වුණේ කිලිනොච්චිය කරච්චි ප‍්‍රාදේශීය සභාවේ නිලධාරීන් පිරිසක් විසින් එය
ඩෝසර් කරනු ලැබ ඇති බවයි.

ඉකුත් වසර 03ක කාලය පුරා දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන්, අදාළ ස්ථානය ඉවත් කරන ලෙසට ප‍්‍රාදේශීය සභා නිලධාරීන්ට වරින් වර පවසා ඇතැයි සඳහන් කළා.

චන්ද්‍ර උද්‍යානයේ තිබූ ඉපැරණි නටඹුන් ඉවත් කරන අවස්ථාවට ඔහුද සහභාගී වී ඇතැයි වාර්තා වනවා. කිලිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ ද කිලිනොච්චි නගර මධ්‍යයේයි. එය ආසන්නයේ තිබූ මෙම ඉපැරණි නටඹුන්වලින් නගරයේ කටයුතුවලට හෝ වෙනත් කටයුතුවලට කිසිඳු බාධාවක් එල්ල වී නොතිබූ බවයි සඳහන් කළේ.

පොළොන්නරු යුගයට අයත් නටඹුන් මෙහි තැන්පත් කර තිබූ බවද ප්‍රදෛ්ශවාසීන් පෙන්වා දෙනවා.  කිලිනොච්චි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් මෙම ස්මාරක කඩා ඉවත් කිරීමෙන් පසු ''සිංහල යුද ඉතිහාසය ඉවරයි'' යනුවෙන් පැවසූ බව දෙමළ මාධ්‍ය වාර්තා සඳහන් කොට ඇති බවයි අප වාර්තාකරු පෙන්වා දෙන්නේ.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් පවසා ඇත්තේ උතුරේ බෞද්ධ සිද්ධස්ථාන ඉදිකිරීමේ ව්‍යාපාරයට එරෙහිව දෙමළ ජනතාව දැඩිව සටන් කළ යුතු බවයි. බලහත්කාරයෙන් උතුරේ සිංහල ජනාවාස ඇති කිරීමට ද විරුද්ධ විය යුතු බව ඔහු අවධාරණය කර තිබෙනවා.

මෙම තත්වය වැළැක්වීම සඳහා උතුරේ ගම් මට්ටමින් ස්වේච්ඡා සංවිධාන පිහිටුවීම ආරම්භ කළ බවද මන්ත‍්‍රීවරයා කිලිනොච්චියේදී ප‍්‍රකාශ කර තිබෙනවා.

දැනටමත් මුලතිව්හි ඉඩම් අක්කර 480ක් සිංහල ජනාවාස ඇති කිරීම සඳහා යොදාගෙන ඇති බවත්, තවත් අක්කර 10ක් බෞද්ධ විහාරස්තානයක් ඉදිකිරීම සඳහා ලබාගෙන ඇති බවත් ඔහු කියා සිටියා. ඒවා සියල්ල සිදු කර ඇත්තේ නීති විරෝධීව බවයි එස්. ශ‍්‍රීධරන් මන්ත‍්‍රීවරයා පැවසුවේ.

මේ අතර උතුරු නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථානවලට එරෙහිව සිදු වන විවිධ ක‍්‍රියාකාරකම් නතර කිරීම සඳහා ඉදිරියේදී කටයුතු කරන බව මහා සංඝරත්නය පවසනවා. ශාස්ත‍්‍රපති පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමියන් පැවසුවේ පවතින තත්ත්වය පිළිබඳ කිසිසේත්ම සතුටු විය නොහැකි බවයි.