gossip lanka

මෝටර් රියක් දුම්රියේ ගැටී කාන්තාවන් සිවු දෙනෙක් මියයයි - (Photos)

උතුරු දුම්රිය මාර්ගයේ වව්නියාව ඕමන්ත පන්ඩ්‍රිකෙයිදකුලම් ප්‍රදේශයේදී අද (16) උදෑසන අනාරක්ෂිත දුම්රිය මාර්ගයකදී කාර් රථයක් දුම්රියේ ගැටීමෙන් සිව් දෙනෙකු මිය ගිය බවට ඕමන්ත පොලීසිය කියා සිටියේය.

යාපනයේ සිට කොළඹ දක්වා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියකට අද උදෑසන කාර්රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
පන්ඩ්‍රිකෙයිදකුලම් ප්‍රදේශයේ පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ගයකදී අදාල කාර්රථය දුම්රිය මාර්ගය හරහා ගමන්කිරීමට ගත් උත්සහයකදී මෙම අනතුර සිදුව ඇති අතර කාර්රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට පරික්ෂණ සිදු කරන ඕමන්ත පොලීසිය අනාවරනය කොට ඇත.

කාර්රථය අනතුරට පත්වන අවස්ථාවේදී කාර්රථය තුල 08 දෙනෙකු සිට ඇති අතර දුම්රිය ගැටීමට ආසන්න අවස්ථාවේදී කාර්රථයේ රියදුරු හා කුඩාළමයෙකු කාර්රථයෙන් ඉවතට පැන ඇති අතර සෙසුපිරිස අනතුරට ලක්ව ඇත.

එහිදී බරපතල තුවාල ලැබූ කාන්තාවන් සිව් දෙනෙකු මිය ගොස් ඇති අතර තුවාල ලැබූ සෙසු පිරිස් වව්නියාව මහරෝහලට ඇතුලත් කොට ඇති බවට පරික්ෂණ සිදු කරන ඕමන්ත පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ