gossip lanka

“ආණ්ඩුවල ඉඳලා තිබුණත් මෙහෙම බැණුම් අහලා නැහැ..“ - අගමැතිවරයා ආණ්ඩුව ගැන කලකිරීමෙන් කියූ කතාව - (video)

තමන් ආණ්ඩු කිහිපයක සිටි නමුත්, වත්මන් ආණ්ඩුව තරම් අවලාද එල්ලවන ආණ්ඩුවක නොසිටි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාතලේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.

මාතලේ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ලාභීපවුල් න් 5400 කට සමෘද්ධි සහනාධාර හිමිකම් ප්‍රදානය කිරීමේ උත්සවයඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ පැවැත්වුණේ මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේදී.


කෙසේ වෙතත්, අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට එක්සත් ජාතික පක්ෂ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී විජේරත්න මහත්මිය එක්ව නොසිටි අතර, වාර්තා වුණේ ඇය උත්සවය වර්ජනය කර ඇති බවටයි.

සමෘද්ධි සහනාධාර ලාභීන් තෝරා ගැනීමේදී ඒක පාර්ශ්විකව තෝරාගෙන ඇති බවත්, අවස්ථා ගණනාවකදී මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළද ඊට නිසි විසඳුමක් නොලැබුණු බවත් ඇය සඳහන් කර තිබෙනවා.

මෙහි ඇති සත්‍යතාවය සොයාබැලීම සඳහා අප රෝහිණී විජේරත්න මන්ත්‍රීවරිය සම්බන්ධ කර ගැනීමට උත්සහ කළද, ඇගේ කාර්යාලයේ නිලධාරිණියක් සඳහන් කළේ මන්ත්‍රීවරිය රෝගාතුර වීම හේතුවෙන් රෝහල් ගතවී ඇති බවයි.