gossip lanka

මහනුවර ප්‍රබල ඇමතිගෙන් පොලිස්පතිට අමුතු ඇමතුමක්

ගලහ ප්‍රාදේශීය රෝහලට පහරදුන් පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකරන ලෙස මහනුවර ප්‍රදේශයේ ප්‍රබල අමාත්‍යවරයෙකු විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙළිදරව් කරනවා.

කොළඹ   පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ සයිටම් අර්බුදය පැවැති සමයේ  අදාළ අමාත්‍යවරයා ඒ පිළිබඳව කටමැත දෙඩූ අයෙකු බවටයි.
එමෙන්ම ඊට කලකට පෙර ගොනුන් යොදවා යුද්ධ කිරීමට හැකි බවට ද මෙම අමාත්‍යවරයා ප්‍රකාශ කළ බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉඟියක් ලබා දුන්නා.

ගලහ රෝහලට පහර දුන් අයට නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවට ද එම සංගමය අවධාරණට කළා.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ මෙම ප්‍රකාශය හමුවේ මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, රාජපක්ෂ පාලන සමයේ විපක්ෂයේ සිටිය දී “ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන්” යැයි සිදුකළ ප්‍රකාශය යළි ඉස්මතු වී තිබෙනවා.