රුපියල වැටිලා.. ඩොලර් මිලියන 443ක් රටින් පිටවෙලා.. මහ බැංකු පොලිය වැඩි කරන්න සාකච්චා කරනවා..- අගමැති

ඩොලරයට හමුවේ රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම නිසා ගතවූ කාලයේදී ඩොලර් මිලියන 443ක් රටින් පිටව ඇති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඩොලරය ඉහල යාම ආර්ථිකයට බලපා ඇති බවත් මෙම තත්වයනට මුහුණ දීම සදහා ඉදිරියේදී කටයුතු කරන බවද
අගමැතිවරයා සදහන් කරයි.

වෙනත් රටවල් තාවකාලික පියවරක් ලෙස මහ බැංකුවේ පොලිය වැඩි කර ඇතත් මෙරටද පොලිය වැඩි කලහොත් ව්‍යාපාරිකයන්ටද පොලිය වැඩිවනු ඇතැයිද ඒ මහතා කියයි.

ශ‍්‍රී ලංකාවද එම පියවර අනුගමනය කරන්නේදැයි කල්පනා කරන බවත් මේ වන විට රුපියල 9%කින් අවප‍්‍රමාණය වී ඇති බවත් අගමැතිවරයා පෙන්වා දෙයි.

ඔහු මෙම අදහස් පල කලේ නාත්තන්ඩිය ප්‍රදේශයේදී පැවැති උත්සව සභාවක් අමතමිනි.