gossip lanka

අපි විපක්ෂයට යන්නේ බලලෝභීකම නිසායි. යහපාලනය යනු අල්ලපු ගෙදර එකා රජ කරවන එක නොවෙයි. රවී කරුණානායක

“එකමුතු භාවය ඇතිවන අවස්ථාවලදී අපි බලය ලබා ගන්නවා. අපේම දුර්වලතා නිසාත් බලලෝභීකම නිසාත් අපි විපක්ෂයට ගිහින් තිබෙනවා” යැයි එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතා ඊයේ (6) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති එජාප 72වන පක්ෂ සම්මේලනයේදී පැවසීය.

යහපාලනය කියන්නේ ගෙදර ඉන්න එකාට වැඩිය අල්ලපු ගෙදර ඉන්න
එකා රජ කරවන එක නොවන බවත් ඒ දර දිය ඇදපු අලියාම පෙරහරේ යැවිය යුතු බවත් කරුණානායක මහතා මෙහිදී අවධාරණය කර සිටියේය.