පොලිස්පතිගේ හැසිරීම පිටුපස "නැටුම් තෙල්" ? - ඒකාබද්ධයට සැකයක්

පොලිස්පතිගේ හැසිරීම පිටුපස "නැටුම් තෙල්" ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සැක පළ කරයි.

ඒ ඊයේ පැවති මාධ්‍ය හමුකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"මෝදි අගමැතිතුමාට තේරෙනවා වැල යන පැත්තට තමයි මැස්ස ගහන්න ඕනේ කියලා. මොකද එතුමා
ඉන්නේ අල්ලපු වැටෙනේ. එතුමාට පේනවා ඊළඟ රාජ්‍ය නායකයා කවුද කියන එක. ඒක  හැබැයි සමහර වෙලාවට මෙහෙට විසයි. මේවා දකින්න දකින්න මේ ආණ්ඩුව ජන්ද කල් දාන එක තමයි කරන්නේ. රටවසියනි අපි ඔබට කියනවා එක දෙයක් අද මේ පොලීසිය දාලා තියෙන නඩු ගැන විශේෂයෙන්ම ආණ්ඩුවක් ආපු වෙලාවක නැවත වතාවක් ඒ ගැන සොයන්න වෙනවා. අපි කළු පොතක්, black book එකක් පාවිච්චි කරනවා.මොකද හේතුව මේවා අමතක වෙනවා. මේ හැම දෙයක් ගැනම අපි ලියලා සටහන් කරලා තියෙන්නේ. නව ආණ්ඩුවක් ආවට පස්සේ අපි මුලින්ම හොයන්නේ අද මේ පොලීසිය හැසිරුනු තත්ත්වය ගැන. දැන් අලුත්ම වන්නම පුජිත වන්නම.මේක 1 නෙවෙයි නොම්බර 8 විතර. මේ රටේ රාජ්‍ය නායකයන්ගේ ඇස් ඇරෙන්න ඕනේ. බුද්ධ පුත්‍රයන්ට ආමන්ත්‍රණය කරන හැටි මේ රටේ පොලිස්පති. ඒක වාර්තා කරා. අපි ඒක නැවත නැවත බැලුවා. ඒ කළ වචන සහ හැසිරීම එහාට මෙහාට බෝට්ටුව වගේ පැද්දෙනකොට පොඩි නැටුම් තෙල් ගැන සැකයකුත් ඇති වෙනවා."