ඉහළ නගින බඩු මිල ගැන සජිත් - මංගල කැබිනට් හමුවේදී ගැටෙයි

දිනෙන් දින ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අප්‍රසාදය පළකර ඇතැයි වාර්තාවේ.

ඒ ඊයේ (18) පැවති කැබිනට් රැස්වීමේදිය.

එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඇතැම් භාණ්ඩවල මිල සූත්‍ර වලින්
වැඩි කළද බඩු මිල වැඩි කරන්නේ සූත්‍රවලින් නොවන බවය.මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන ලෙසද ඔහු මෙහිදී සඳහන් කර ඇත.

ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් ජනතාව ජනතාව අතර ප්‍රශ්නයක් තිබෙන බව නිවාස හා ඉදිකිරීමේ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

ඊට පිළිතුරු දී ඇති මුදල් ඇමැති මංගල සමරවීර මහතා සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගේ අදහස සම්බන්ධයෙන් විරෝධය පළකර ඇති අතර හාල්,පොල්, ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල කලින්ට වඩා අඩුව ඇතැයි පවසා ඇති සමරවීර මහතා සජිත් ප්‍රේමදාස මහතා රැස්වීම් වල හැමදෙයක් ගැනම කතා කළද මේ ජීවන වියදම අඩුවීම ගැන කතා කරන්නේ නැතැයි පවසා ඇත.

ගෑස් මිල රුපියල් 190 කින් වැඩි කිරීමටද ඊයේ කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය.