ෆොන්සේකා සහ පාහියන්ගල හිමි එකට ගැටෙයි

වනජීවි දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් තම ඥාතීන්ට පවරා දීමට කටයුතු කරන බවට පළ වූ පුවත්පත් වාර්තා ප්‍රතික්ෂේප කරන බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ
අදාළ පුවත්පතට එම ප්‍රකාශ ලබාදී ඇත්තේ පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් බවයි.

අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට සුරැකිමු ශ්‍රී ලංකා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පිළිතුරු ලබාදුන්නා.

උන්වහන්සේ කියා සිටියේ  අමාත්‍යවරයා ලේ පිපාසයෙන් සිටින බවත්, පෞද්ගලික නිල සංචාරයකට රුපියල් ලක්ෂ 50ක් පමණ වියදම් කරන බවයි.

ඒ.කේ. 47 ගිනි අවි වනජීවි නිලධාරීන්ට ලබාදීමට ද අමාත්‍යවරයා සැලසුම් කර ඇති බවට උන්වහන්සේ චෝදනා කළා.