gossip lanka

“රටකට ඕනෑ අපමණ අගයක්” කියලා ආපු ආණ්ඩුව දැන් කිරි දරුවෝ ඉන්න අම්මලත් රට පටවන්නයි සූදානම

“රටකට ඕනෑ අපමණ අගයක්” යැයි කියා බලයට පැමිණි ආණ්ඩුව මේ වනවිට කිරි දරුවන් ඉන්න අම්මලා පවා මැදපෙරදිග වහල් සේවයට පැටවීමේ සූදනාමක් පවතින බවත් මේ වනවිට ඊට අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් එතෙර අපි සංවිධානයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා හෙළි කරයි.

පසුගිය කාලයේ කාන්තාවන් විදේශ රැකියා සඳහා පිටත්ව යාමේදී පවුල්
වාර්තාවක් ලබා ගත් බවත් ඒ නිසා කිරි බොන වයසේ පසුවන දරුවන් සිටින මව්වරු විදේශ ගතවීම වැලකී ගිය බවත් එමෙන්ම මව විදේශගත වීමෙන් දරුවන් විවිධ අපචාර සඳහා යොමුවීමේ සහ භාජනය වීමේ ප්‍රවනතාවය අඩු වූ බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කළේ ය.

කෙසේ නමුත් මේ වනවිට එම පවුල් වාර්තාව අහෝසි කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්ව ඇති බවත් ඒ මහතා හෙළිදරව් කළේ ය.

විශේෂයෙන් හෙද හෙදියන්, කාර්මික ශිල්පීන්, තාක්ෂණික ශිල්පීන් ආදී ලෙස පුහුණු ශ්‍රමිකයන් සඳහා විදේශයන්හි වැඩි ඉල්ලුමක් පවතින බවත් ඒ හරහා රටට වැඩි විදේශ විනිමයක් ලබා ගත හැකි නමුත් එලෙස පහුණු ශ්‍රමිකයන් යොමු කිරිමේ කිසිඳු වැඩපිළිවෙලක් මෙම ආණ්ඩුවට නැති බවත් අවධාරණය කළේ ය.

හමුදා සේවයේ අවුරුදු 22ක් වැනි කාලයක් සේවය කර විශ්‍රාම ගිය හමුදා සාමාජිකයන් අතර කාර්මික හා තාක්ෂණික ශිල්පය හැදෑරු අය සිටින බවත් ඔවුන්ට විදේශයන්හි ඇති ඉල්ලුම සලකා බලා ඔවුන්ට ඒ සඳහා සුදුසුකම් ඇති බවට සහතිකයක් නිකුත් කරන ලෙස එතෙර අපි සංවිධානය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇතත් ‍එය මෙතෙක් ඉටු කර නැති බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා අනාවරණය කළේ ය.

එවැනි සුදුසුකම් සහතිකයන් ඔවුන්ට ලබා දෙන්නේනම් ඔවුන් රටට වැඩි විදේශවිනිමයක් උපයා දෙනු ඇති බවත් අවධාරණය කළේය.

බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ මේ වනවිටත් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව සඳහන් කළ අතර එම අවස්තාවට නීතීඥ ජානක අධිකාරී මහතා සහ සංජීව මුණසිංහ මහතාද එක්වී සිටියහ.