gossip lanka

හඳුන්නෙත්තිගෙන් මහින්දට ආධනාවක්

පොදු ජන පෙරමුණ සමග උද්ඝෝෂණවලට සම්බන්ධ වීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් හොරුන් එක්ක සම්බන්ධ විය නොහැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා රාවයට පැවසීය.

සිය පක්ෂය සමග එකතු වී 20 වන සංශෝධනය සම්මත කරගෙන
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සම්බන්ධ වන ලෙස මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

ඔහු මේ බව පැවසුවේ ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා සමග එකතුවන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජවිපෙ නායක අනුර දිසානායකට පාර්ලිමේන්තුවේ පෞද්ගලිකව කළ ඉල්ලීම පිළිබඳ විමසීමක දී ය.

(රාවය)