gossip lanka

ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය ගැන තිස්සත් කතා කරයි

වත්මන් දේශපාලන තත්ත්වය අනුව ආණ්ඩුවට අවාසි සහගත තත්ත්වයක් උදාවී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක පවසනවා.

ඉදිරි ජනාධිපතිවරණයේදී මහජනයාට සමීප වන දේශපාලන ව්‍යාපාරයක් එක්සත් ජාතික පක්ෂය ආරම්භ කළ යුතු බවයි ඔහු කියා සිටියේ.

ඉකුත් දා අනාවරණ වූ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණය පිළිබඳවද තිස්ස අත්තනායක මෙහිදී අදහස් පළ කළා.

එහිදී "මේක හොයලා බලන එක ආණ්ඩුවේ වගකීමක්. එවැනි දේවල් සිදු වෙන්න සැළසුම් වෙනවා නම් ඉතාම නරක තත්ත්වයක්. මේ වගේ දෙයක් සෙවීම ප්‍රමාද කිරීම හරහා හෝ දේශපාලන කතාවක් කිරීම හරහා..මේක එහාට මෙහාට කරනවා නම් ඒක තවත් බරපතල තත්ත්වයක්." යනුවෙන් සඳහන් කළා.

රාමඤ්ඤ මහනිකායේ මහනායක නාපානේ පේ‍්‍රමසිරි හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.