gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ක්‍ෂුද්‍ර මූල්‍ය ණය වාරිකයේ හිලව්වට ලිංගික අල්ලස් : වකුගඩුවක් සින්න වෙන ළකුණු

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලින් ණය ලබා ගන්නා කාන්තාවන්ට එම ණය වාරික ගෙවීමට නොහැකි අවස්ථාවල දී ඔවුන් ණය අයකරගන්නා තැනැත්තන්ගේ ලිංගික හිංසනයට භාජනය වන බව එක්සත් ජාතීන්ගේ ස්වාධීන විශේෂඥ ජුවාන් පැබ්ලෝ බොහොස්ලාව්ස්කි මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සිය නව දින සංචාරය අවසන් කරමින් 11 වැනිදා පැවති මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව සඳහන් කළේය.
විදේශ ණය මානව හිමිකම් කෙරෙහි බලපා ඇති ආකාරය පිළිබඳ විස්තර වාර්තාවක් 2019 වසරේ පැවැත් වීමට නියමිත මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කරන බව ද එම මාධ්‍ය හමුවේ දී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ය.
මෙලෙස ණය වාරික ගෙවාගත නොහැකි අවස්ථාවල දී කාන්තාවන් ලිංගික හිංසනයට භාජනය වනවා සේම ඇතැම කාන්තාවන් ඔවුන්ගේ ගම්බිම් හැරදමා ගොස් ඇති බවත් වකුගඩු අළෙවි කොට ණය වාරික පියවීමට කටයුතු කළ අවස්ථා වාර්තා වන බවත් ජුවාන් පැබ්ලෝ බොහොස්ලාව්ස්කි මහතා වැඩි දුරටත් පවසයි.

ණය සඳහා සියයට 220 ක පොලී අනුපාතයක් :

ක්ෂුද්‍ර මූල්‍ය ණය ගන්නා කාන්තාවන් ගැන විශේෂිත අවධානයක් කල ජුවාන් පැබ්ලෝ බොහොස්ලාව්ස්කි මහතා ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේද කීය.

''ණය ලබා ගන්නට තම ජීවන මාර්ග පවත්වා ගැනීමට හැකි කරවීමෙන් ලොව පුරා බොහෝ දෙනා දරිද්‍රතාවයෙන් ගලවා ගැනීමට ඉවහල් වූ ක්ෂුද්‍ර මූල්‍ය ගැන මම විශේෂිත අවධානය යොමු කළෙමි. කෙසේ වුවත් මගේ අවධානයට ලක් වූ ණය දෙන්නන් විසින් කරනු ලබන අයථා කටයුතුවල සංඛ්‍යා, බහුලත්වය සහ බරපතලකම ගැන රජය කඩිනම් පියවර ගත යුතුය.

“ක්ෂුද්‍ර මූල්‍ය ලබා ගන්නන් විශාල සංඛාවක් දක්නට ලැබිණ. ඒ යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශවල සහ අනෙකුත් දුප්පත් ස්ත්‍රීන් ය. ඔවුන් ක්ෂුද්‍ර මූල්‍ය ලබා දෙන්නන්ට විශේෂයෙන් ඉලක්ක වී ඇත.

මෙම ආයතන තම ණය සඳහා සියයට 220 ක පොලී අනුපාත අයකරති. එමෙන්ම එය වැල් පොලී අනුපාතිකයකි. මෙම යාන්ත්‍රණයෙන් ණය ලබා දෙන්නන්ට විශාල ලාභ අත්කර දෙන අතර වැඩි වශයෙන්හ ගැහැනුන් දුප්පත් ණය ලබා ගන්නන් මත ඉමහත් බරක් පැටවේ,“ යැයි ඔහු කියා සිටියෙය.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka