විග්නේෂ්වරන්ගේ අලුත් පක්ෂය ලබන මාසේ !

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාගේ නායකත්වයෙන් යුත් නව දේශපාලන සන්ධානයක් ලබන මස පිහිටුවීමට නියමිත බව උතුරේ දේශපාලන අංශ ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

දෙමළ ජාතික සන්ධානයට විකල්පයක් ලෙස පිහිටුවන නව දේශපාලන සන්ධානයට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා ද්‍රවිඩ
සංගමය ආදී පිළිගත් පක්ෂවල සහාය ලබා ගැනීමට දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බවද පැවසේ.

එසේම එම පක්ෂවලින් සාධානීය ප්‍රතිචාරයක් ලැබී ඇතැයි ද වාර්තා වේ.

උතුරේ විද්වතුන් - සරසවි ශිෂ්‍ය සංවිධාන හා විදේශගත ඩයස්පෝරා ප්‍රජාවේ පූර්ණ අනුග්‍රහය මත නව දේශපාලන සන්ධානය ස්ථාපිත කෙරෙන බවට දේශපාලන ආරංචි වාර්තා කරයි.

උතුරු පළාත් සභාවේ නිල කාලය හමාර වී එය විසිරගිය පසු අලුත් සන්ධානයේ නායකත්වය ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතා විසින් භාරගනු ඇතැයි කියැවේ.