හමුදාවට එරෙහිව උතුරු පළාත් ඇමැතිනිය වීඩියෝ සාක්‌ෂි දීලා

හිටපු පළාත් සභා ඇමැතිනී ආනන්දි සසිහරන් හමුදාවට එරෙහිව දකුණු අප්‍රිකාවේ සිටින හිටපු එක්‌සත්a ජාතීන්ගේ නිලධාරිනියක්‌ වූ යස්‌මින් සුකාට වීඩියෝ තාක්‌ෂණය ඔස්‌සේ සාක්‌කි ලබා දී ඇත.

 මුලතිව් සිට යාපනයේ පිහිටි ඇගේ කාර්යාලයට ගෙන්වූ කාන්තාවන්
පිරිසක්‌ ලවා සුකාට සාක්‌කි සපයා තිබේ.

මෙය මුළුමනින්ම නීති විරෝධී ක්‍රියාවක්‌ බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය. ආනන්දි සසිතරන් මේ සඳහා රජයේ අවසරය ගෙන නැත. ඇය රාජ්‍ය රහස්‌ පනත උල්ලංඝනය කර ඇති බව ද එම ආරංචි මාර්ග කියා සිටියේ ය.

යස්‌මින් සුකා මෙම වීඩියෝ ක්‍රමවේදය ඔස්‌සේ සිදු කළ සාක්‌කි විමසීමේදී කාන්තාවන් 21 ක්‌ සාක්‌කි ලබා දී ඇත.

- දිවයින