gossip lanka

හරිහමන් නායකයෙක් නෑ.. රටත් අනාතයි.. අපිත් අනාතයි..- රතන හිමි

ශ‍්‍රී ලංකාව ගොඩනැගීමට නොහැකි එකම හේතුව වී ඇත්තේ රටට ගැලපෙන දේශපාලන නායකත්වයක් නැතිකම බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

රටට හොඳ නායකයෙක් හොයාගන්න බැරි වීම නිසා රටක් ලෙස අනාථ
වී සිටින බවද රට ගොඩ ගැනීමට හැකි වූ යෝද නායකයෙක් තවමත් සොයාගැනීමට නොහැකි වී ඇතැයි ද උන්වහන්සේ පවසති.

රතන හිමියන් මේ බව සඳහන් කළේ ‘සෙත් ජය පදනම’ මගින් මීරිගම ගනේගොඩ දී සංවිධානය කර තිබූ ‘ගම ගොඩනගන වැඩපිලිවෙල’ හඳුන්වා දීමේ අවස්ථාවට එක්වෙමිනි.