gossip lanka

ඉන්ධන මිල සූත්‍රයට යෙදූ බස් ඉන්ධන සූත්‍රය මෙන්න…

මගීන් ප්‍රවාහනය කරන බස්රථවලින් 85% ක් පමණ ධාවනය කරනු ලබන්නේ භූමිතෙල් වලින් බව බස් ක්ෂේත්‍ර ආරංචිමාර්ගවලින් වාර්තාවේ.

පසුගිය මැයි මාසයේ සිට ඔටෝ ඩීසල් මිල විශාල වශයෙන් වැඩි වීම හේතුවෙන් බස්රථ භූමිතෙල් වලින් ධාවනය කිරීම බස් හිමියන්ට විශාල
ලාභ ගෙන දෙන්නක් වී තිබේ.

දැනට ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 123 ක් වන අතර භූමිතෙල් ලීටරයක මිල රුපියල් 70 කි.

මේ සම්බන්ධයෙන් බස් සංගමයක ප්‍රධානියකු කියා සිටියේ දුර සේවා පෞද්ගලික බස් රථයක් සඳහා භූමිතෙල් යෙදීමෙන් ආදායමට අමතරව දිනකට රුපියල් පන්දහසක පමණ තවත් අතිරේක ලාභයක් ලබාගත හැකි බවයි.

දුර බස් රථයක් සඳහා භූමිතෙල් යෙදීමෙන් ආදායමට අමතරව තවත් රුපියල් 2500 ක පමණ අමතර ආදායමක් ලබාගත හැකි බවද ඔහු පෙන්වා දුන්නේ ය.

එසේ වුවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරියෙකු සඳහන් කළේ මගී බස්රථ සඳහා භූමිතෙල් යෙදීම නීතියෙන් තහනම් වුවද එසේ සිදුකරන බවට සිය දෙපාර්තමේන්තුවට නිරන්තරයෙන් පැමිණිලි ලැබෙන බවයි.

මෙසේ බස්රථවලට භූමිතෙල් භාවිතා කිරීමෙන් විශාල දුඟදක් වහනය වීම හා ඒවායේ ගමන් කරන මගීන්ට ස්වසන අපහසුතාවලට මුහුණ දීමට සිදු වීම මෙන්ම පරිසරය දූෂණය වීම ද සිදුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.