වහාම පාර්ලිමේන්තුව කැඳවන්න : එජාපෙ හා දෙමල සන්ධානය කියති

වහාම පාර්ලිමේන්තුව කැඳවීමට පියවර ගන්නැයි එක්සත් ජාතික පෙරමුණ හා  දෙමල ජාතික සන්ධානය කතානායක කරු ජයසුරිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

ජනතා විමුක්ති පෙරමුණද අද එවැනි ඉල්ලීමක් ලිඛිතව ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

අර්බුදයක් තිබේ නම් එය කෙසේ හෝ විසඳීමේ
හැකියාව ඇති බැවින් අර්බුද නිර්මාණය නොකර වහා පාර්ලිමේන්තුව කැඳවන ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (27 ) අරලියගහ මන්දිරයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

''පාර්ලිමේන්තුවේ බහුතර බලයක්‌ ඇත්තේ මටයි. සියලු ක්‍රියාමාර්ග ගත යුත්තේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුකූලවයි. ව්‍යවස්‌ථාවට පටහැනිව ගත් කිසිදු ක්‍රියාමාර්ගයක්‌ වලංගු නැහැ.'' යයි එහිදී රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.

නීත්‍යනුකූල කටයුතු කරන්න - විපක්ෂ නායක

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරමාධිපත්‍ය පවත්වා ගැනීම  සහ පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍යය හඳුනා ගනිමින් කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන්නැයි විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා කතානායක කරු ජයසූරිය මහතාට ලිපියක් යවමින් දන්වා ඇත.

විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා කතානායක කරු ජයසූරිය මහතාට මෙම ලිපිය යවා ඇත්තේ ඊයේ (28) පස්වරුවේය.

එම ලිපියේ මෙසේ ද සඳන්වේ.

“ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරමාධිපත්‍ය පවත්වා ගැනීමේ අවශ්‍යතාව හඳුනා ගනිමින් සහ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ ජනතා නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍ය හඳුනා ගනිමින්, නීතියේ ආධිපත්‍යය පවත්වා ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවට එහි නීත්‍යනුකූල කටයුතු කරගෙන යෑම සඳහා පාර්ලිමේන්තුව කැඳවන්නැයි මම ඔබෙන් ඉල්ලා සිටිනවා”.


gossip lanka