කම්කරු කොංග‍්‍රසය සමග රතන හිමිත් මහින්දට එක් වේ.. එජාප තවත් 10ක් සාකච්චා.. බහුතරය අදම හැදෙන හැඩයි…

ලංකා කම්කරු කම්කරු කොංග‍්‍රසය නව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය පල කිරීමට තීරණය කර ඇත.

එම පක්‍ෂ මන්ත‍්‍රී මුත්තු ෂිවලිංගම් මහතා මේ බව තහවුරු කරයි.

එම පක්‍ෂය මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු නියෝජනය කරයි.

මේ අතර වාර්තා වන්නේ එජාප පාර්ලිමේන්ත මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද නව ආණ්ඩුවට
සහයෝගය දෙනු ඇති බවයි.

මේ වන විටත් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් වන ආනන්ද අලුත්ගමගේ, වසන්ත සේනානයක යන මහත්වරුන්ද නව අගමැතිවරයා සමග එක්ව සිටී.

තවත් එක්සත් ජාතික පක්‍ෂයෙන් මන්ත‍්‍රිවරුන් 10 දෙනෙකු පමණ පිරිසක් නව ආණ්ඩුවට එක්වීම සදහා තීරනාත්මක සාකත්වාක් පැවැත්වෙමින් ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.