මෛත්‍රී ජනවරමට පිටු පෑවා…

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ජනවරමට පිටුපා කටයුතු කර ඇතැයි චම්පික රණවක අමාත්‍යවරයා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ අරලිය ගහ මන්දිරයේ මේ වන විටත් පැවැත්වෙන මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීම
නීති විරෝධී ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබා දුන් ජන වරම මෙය නොවන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.