නිවාඩුව අවසන්.. ගෝටාභය ආරක්‍ෂක ලේකම් කරන්න සූදානම්..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා නැවතත් රාජ්‍ය ආරක්‍ෂක ලේකම්වරයා ලෙස පත් කිරිමට නියමිතව ඇති බව අද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

දැනට ආරක්‍ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරන කපිල වෛද්‍යරත්න මහතා වෙනුවට ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීඹ සිදු කරනු ඇතැයිද
වාර්තාවේ දැක්වෙයි.

වත්මන් පොලිස්පතිවරයා ඇතළු සියළු ආරක්‍ෂක ප‍්‍රධානින් නව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා මුණ ගැසී ආරක්‍ෂක තත්වය සම්බන්දයෙන් සාකච්චා පවත්වා තිබේ.

ශ‍්‍රී ලංකාවේ මෙතෙක් සිටි ආරක්‍ෂක ලේකම්වරුන් අතරින් අද්විතීයම ආරක්‍ෂක ලේකම්වරයා ලෙස ගෝටාභය රාජපක්‍ෂ මහතා සැලකෙයි.