‘නාමල්ගේ ලැම්බොගිනි’ බේගල් නාටකයත් අවසන්.. වාහනය වනසා ආපසු අයිතිකරුට බාර දෙයි.. චූදිතයක් කිසිවෙකු නෑ.. අලාබ ඉල්ලා FCIDට නඩු දමයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අයත් ලැම්බොගිනියක් යයි කියමින් 2016 වසරේ සැප්තැම්බර 05 දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් ‘ෆෝර්ඩ් මස්ටෑන්ග්’ මෝටර් රථය එහි අයිතිකරු වෙත මුදා හරින ලෙස අධිකරණය විසින් නියෝග කර ඇත.

නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයා විසින් මෙම රථය
වෙනත් පාර්ශවයකට පැවරුවේ යයි සදහන් කරමින් අත්අඩංගුවට ගනු ලැබූ අතර මන්ත‍්‍රීවරයා සදහන් කර තිබුනේ තමනට හිමිවූ බදු සහන බලපත‍්‍රයෙන් රථය ගෙන්වූ බවත් නියමිත කාලය අවසානයේදී වෙනත් පුද්ගලයෙකුට විකුණා දැමූ බවත්ය.

වසර දෙකක්ට වැඩි කාලයක් ගතව ඇතත් අදාල නඩුවට කිසිදු සැකකරුවෙක් පොලිස් මුල්‍ය අපරධ කොට්ඨාශය විසින් නම් කර නැති තත්වයක් යටතේ මෙම රථය මුදා හරින ලද්දේ එහි හිමිකරැුගේ ඉල්ලීම මතයි.

රථය බාර ගැනීමට පැමිණි හිමිකරුවන් කියා සිටියේ රථය විශාල වශයෙන් විනාශ වී ඇති බවයි.

නාමල් රාජපක්‍ෂ මහතා සදහන් කරන්නේ එහි ආලභය පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ගෙවිය යුතු බවය.