ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති නිලධාරිනියෝ නිල නිවාස කුලියට දෙති

ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිටින ප්‍රධාන නිලධාරිනියන් තිදෙනාට ලබා දී ඇති නිල නිවාස දෛනික පදනම මත කුලියට ලබාදෙන බවට තොරතුරු වාර්තා වේ.

කාමර තුනකින් හා මුළුතැන්ගෙයකින් සමන්විත සුඛෝපභෝගී නිවසක් සඳහා සුවිස් ෆ්‍රෑන්ක් 3500 ක්ද (ශ්‍රී ලංකා මුදලින් 525,000) අනෙක් නිල
නිවාස දෙක සඳහා සුවිස් ෆ්‍රෑන්ක් 2500 (ශ්‍රී ලංකා මුදලින් 375,000) වශයෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංයෙ ඒ සඳහා කුලී ගෙවයි.

තනිකඩ ජීවිතයක් ගතකරන මෙම නිලධාරිනින්ට එක් නිවසක නවාතැන් පහසුකම් ගැනීමට අවස්ථාව තිබියදී මෙසේ සුවිශාල මුදලක් ගෙවා නිවාස කුලී ගෙවීමට කටයුතු කරන බව ජගත් දේශප්‍රේමී ලංකා සංසදය පවසයි.

ඊට අමතරව ජිනීවා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට මීට වසර හතරකට පෙර රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයක් වැයකර අලුත්වැඩියා කර ඇති අතර යළිත් එය අලුත්වැඩියා කිරීමට රුපියල් එක්කෝඩි තිස්පන් ලක්ෂයක් වැය ඇස්තමේන්තුවක් සකස් කර ඇති බව එම සංගමයේ ශ්‍රී ලංකා නියෝජිත දුෂාන්ති හපුගොඩ මහත්මිය සඳහන් කළාය.

(අරුණ)






gossip lanka