රනිල් එලෙවුවා කියා රටේ කිසිවෙකු දුක් වුයේ නෑ.. මාත් හොදට නිදාගත්තා..- ගංගාරාමෙ පොඩි හාමුදරුවෝ

රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කිරීම ගැන කිසිම පුද්ගලයකු ඇඩුවේ නැති බවත් වැළපුණේ නැති බවත් පහන් පත්තු කළේ කලේ හෝ ශාප කලේ හෝ නැති බවත් කොළඹ ගංගාරාම විහාරධිපති විහාරාධිපති පූජ්‍ය ගලගොඩ ඥාණිස්සර හිමියෝ සඳහන් කරති.

එනම් මෙමගින් තේරුම් යන්නේ පැවති පාලනය යටතේ රටේ ජනතාව
මිරිකී, පෑගී, පීඩනයට පත් වී, දුකෙන්, කණගාටුවන් සිටි බව යයිද උන් වහන්සේ කියා සිටිති.

පැවති ආණ්ඩුව අහෝසි කිරීමෙන් පසු ජනතාව කිසිකෙනෙක් නිදාගත්තා මිස ඇහැරුනේ නැති බවත් සදහන් කරන් එහිමියෝ තමන්ද හොදට බුදියාගත් බවද පවසති.

විනාශකාරී පුද්ගලයන් විනාශකාරී කටයුතුවලින්ම විනාශයට පත් වන්නේ යයිද උන් වහන්සේ වැඩි දුරටත් සදහන් කරති.

නව උසස් අද්‍යාපන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා ආශිර්වාද ලබා ගැනීම සදහා එම විහාරස්තානයට ගිය අවස්තාවේදී හිමියන් විසින් මෙම අදහස් පල කලහ.

gossip lanka