ක්‍ෂණික මහ මැතිවරණයක්.. – අගමැති මහින්දගෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක්.. එතෙක් අන්තර්කාලීන ආණ්ඩුවක්..

පාර්ලිමේන්තුව රැස් වන පලමු දිනයේදීම පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවීම සදහා යෝජනාවක් ඉදිරිපත් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගේ අවධානය යොමුව තිබේ.

ඔහු සදහන් කර ඇත්තේ තම ඡන්දයෙන් නායකයන් පත් කර ගැනීමට
ජනතාවට අවස්ථාව දිය යුතු බවයි.

මේ අතර මහින්ද රාජපක්‍ෂ මහතාගේ අගමැතීත්වයෙන් යුත් ආන්ඩුවක් පිහිටුවන ලද්දේ නව පාර්ලිමේන්තු මැතිවණයක් දක්වා වු ඉතා ටික කාලයක් සදහා වන අන්තර්පාලන ආණ්ඩුවක් ලෙස බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්ත මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා සදහන් කරයි.

ඒ මහතා සදහන් කරන්නේ නිශ්චිත කාලයකින් පසුව පවත්වන මැතිවරණයකින් ජය ලබා නව ආණ්ඩුවක් පිහිටුවීම සුදානම් බවයි.