gossip lanka

හිරුණිකා දෙකෝටියක් මුදල් වංචා කරලා.. FCID උසාවියට දන්වයි..

පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ දේශපාලන කටයුතු සහ වෙනත් කටයුතු වෙනුවෙන් මග නැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගමේ සේවක සුබසාධක සංගමයේ ගිණුමෙන් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් යොදවා මූල්‍ය අපරාධ සිදුකර ඇතැයි චෝදනා
එල්ල වෙයි.

මේඉ සම්බන්දයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ සමාගමේ ප්‍රධාන විගණන නිලධාරී සරත් කුමාර මහතා විසින් ලද පැමිණිල්ලක් අනුවයි.

මේ අතර දෙමටගොඩදී තරුණයෙක් පැහැරගෙන ගොස් ඔහුට අඩත්තේටටම් කලේ යයි අධිකරණයේ විභාග වන නඩුවක් සම්බන්ධයෙන්ද ඇය විසින් වරද පිලිගෙන ඇත.

-lankacnews