gossip lanka

සබීතාගේ බිල්ඩිං තියරිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවටත් !

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් අංශ ගණනාවක් සඳහා මාසික කුලිය රුපියල් ලක්ෂ හැට බැගින් රුපියල් කෝටි 7කට අධික මුදලකට වාර්ෂික බදු පදනම යටතේ පෞද්ගලික ගොඩනැගිල්ලක් ලබා ගෙන ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එම දෙපාර්තමේන්තුවේ උසස් තනතුරක් දරා විශ්‍රාම ගිය නිලධාරියෙකුගේ ඥාතියෙකුට අයත් බව කියන
මෙම පැරණි ගොඩනැගිල්ලේ පහසුකම් පවා අවම ඇත්තේ අවම මට්ටමක බව පැවසේ.

එසේම ප්‍රධාන කාර්යාලයේ පරිගණක පද්ධතිය මෙයට සම්බන්ධ කිරීම සඳහා තවත් රුපියල් මිලියන හතළිහක් පමණ වැය වනු ඇතැයි ද දැන ගන්නට තිබේ.

මෙම ගොඩනැගිල්ල වසරක් සඳහා කුලියට ගැනීම හේතුව ඇත්තේ විශාල කොමිස් මුදලක් නිසා බවද පැවසේ.

දෙපාර්තමේන්තුවට අයත් අංශ කීපයක් ලබන වසරේදී නාරාහෙන්පිට ප්‍රදේශයේ රජයේ ගොඩනැගිල්ලක මහල් හකට ගෙන යාමට තීරණය කර තිබියදී කිසිදු පහසුකමක් නොමැති පැරණි ගොඩනැගිල්ලකට මෙම අංශය රැගෙන යාමට දරන උත්සාහය පිළිබඳව එහි නිලධාරිහු සැක පළ කර සිටිති.

බිල්ඩින් කේස්

මේ ආණ්ඩුවට වැඩි මුදලට ගොඩනැගිලි කුලියට ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවීම් පසුගියකාලය පුරාම සිදු විය.

ඒ අතරින් ප්‍රවීණ සිනමා නිලි සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලක් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් මසකට රුපියල් ලක්‍ෂ 230කට කුලියට ගැනීම විශේෂ වේ.

එසේ කුලියට ගත් ගොඩනැගිල්ලට වසර දෙකකට ආසන්න කාලයක් කෘෂිකර්ම අමාත්‍යංශය ගෙන නොයාම ද තවත් ආන්දෝලනාත්මක කරුණකි.