පාර්ලිමේන්තුව කැදවන්නැයි ජවිපෙන් කථානායකට ලිපියක්

පාර්ලිමේන්තුව වහා කැදවන ලෙස ජනතා විමුක්ති පෙරමුණ විසින් කතානායකවරයාගෙන් ඉල්ලා ඇත.

එම පක්‍ෂ මන්ත‍්‍රිවරුන් 06 දෙනාගේ අත්සනින් යුතුව මෙම ඉල්ලීම කර
ඇත.

දෙමල ජාතික සන්දානය මෙන්ම එක්සත් ජාතික පක්‍ෂයද මේ වන විට කතානායකවරයාගෙන් එම ඉල්ලීමම කර තිබේ.

මහින්ද රාජපක්‍ෂ මහතා මෙන්ම රනිල් වික‍්‍රමසිංහ මහතාද කියා සිටින්නේ පාර්ලිමේන්තුව කැදවු වහාම තම බහුතරය පෙන්වීමට සුදානම් බවයි.

පාර්ලිමේන්තුව නොවැම්බර් මස 16 වැනි දින දක්වා ජනාධිපතිවරයා විසින් කල් දමා ඇත.

gossip lanka