'නීතියට අනුව අපක්ෂපාතීව කටයුතු කරනවා' - කතානායක

ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ ඇතිවූ අනපේක්ෂිත තත්ත්වය පිළිබඳව තමන් නීතිමය උපදෙස් ලබාගනිමින් සිටින බව කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.

ඒ පිළිබඳව තමන්ගේ දැඩි අවධානය යොමුව ඇති බවත් එහිදී නීතියට
අනුකූලව අපක්ෂපාතීව කටයුතු කරන බවත් කතානායකවරයා සඳහන් කරයි.

පාර්ලිමේන්තුව හෙට (28) කැඳවන ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර ඇතත් ඊට ප්‍රමාණවත් කාලයක් ලබදෙමින් සඳුදා දිනයේ පාර්ලිමේන්තුව කැඳවීමට කතානායකවරයා එකඟත්වයට පැමිණ ඇතැයි වාර්තාවේ.