අප යහපාලනය රැකිය යුතුයි.. වහා පාර්ලිමේන්තුව කැඳවන්න.. නැතහොත් විකල්ප ක්‍රියාමාර්ග සිදුවේව..- කතානායක ජනපතිට ලියයි..

වහා පාර්ලිමේන්තුව කැඳවන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 125 ක පමණ පිරිසක් තමනට ලිඛිතව ඉල්ලීම් කර ඇති බව කතානායක කරු ජයසූරිය මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් ලියමින් දන්වා ඇත.

එම ලිපිය මගින් ඔහු පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුව වහා කැඳවා
ස්ථාවර භාවය ඇති කරන ලෙසයි.

එසේ නොවන්නේනම් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක ගැනීම සඳහා ජනතාව විකල්ප ක්‍රියාමාර්ග සඳහා යොමු වීම නොවැළැක්විය හැකි බව ද ඔහු අනතුරු අඟවා ඇත.

තවදුරටත් අදහස් දක්වමින් කතානායකවරයා සඳහන් කර ඇත්තේ අප වරම් ලබා ගත් යහපාලන සංස්කෘතිය මෙය නොවන බවයි.

සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.