අමරවීරගේ හෙළිදරව්ව භයානකයි: ඒත් ආණ්ඩුව නිහඬයි - මහින්ද රාජපක්‍ෂ

ඉන්දියාවේ රෝ සංවිධානය සමග කැබිනට් ඇමැතිවරුන් සමීප සබඳතා පවත්වන බව ආණ්ඩුවේම ඇමැතිවරයකු ප‍්‍රසිද්ධියේ කියා සිටියත් ඒ පිළිබඳව කිසිදු විමර්ශනයක් නොකර රජය මුනිවත රකින බව හිටපු ජනාධිපති මහිින්ද රාජපක්‍ෂ මහතා  ඊයේ (25 වැනිදා* පැවසීය.

 මහින්ද අමරවීර මහතා කළ හෙළිදරව්ව ඉතාම භයානක එකක්‌ බවත් ඒa
සම්බන්ධයෙන් අමරවීර මහතාගෙන් කරුණු විමසීමටවත් රජය කටයුතු කර නොමැති බවත් රාජපක්‍ෂ මහතා කීය.

 යහපාලන ආණ්‌aඩුවේ සියලුම කටයුතු මේ ආකාරයෙන් සිදුවන බවත් රට අයාලේ ගොස්‌ ඇති බවත් රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

-දිවයින