gossip lanka

"පාතාලය පවත්වාගෙන යාමට රජයේ අනුග්‍රහය ඉහළින්ම ලැබෙනවා" - මහින්ද

යහපාලන ආණ්ඩුව පවතින තුරු මෙරට පාතාලය මර්දනය කළ නොහැකි බව හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ලංකාවේ පොලිසියට පාතාලයක් වී ඇතැයි ද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

කොළඹ ශ්‍රී  ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ පැවති ෆියුචර් ඉමේජ් 2018
ප්‍රදර්ශනයට සම්බන්ධ වු අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසීය.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද කීය.

මෙරට පාතාලය පවත්වාගෙන යාමට රජයේ අනුග්‍රහය ඉහළින්ම ලැබෙනවා. වර්තමානයේ දී අපරාධ හා දුෂණ සෑම ප්‍රදේශයකම වැඩි වී තිබෙනවා. පොලිසිය මගින් නීතිය ක්‍රියාත්මක වීමත් හරිහැටි වෙන්නේ නැහැ.

රටේ ජනාධිපතිවරයාව සහ හිටපු ආරක්ෂක ලේකම් වරයාව ඝාතනය කිරිමට සැලසුම් කළේ යැයි කියන සිදුවීම සුළුවට තැකිය නොහැකියි. එම සිදුවීමට සම්බන්ධ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට අත්අඩංගුවේ නොගැනීම තුළින් රටේ නීතිය ක්‍රියාත්මක වන හැටි හොද හැටි පෙනෙනවා.