gossip lanka

මීගමුව වෙඩිමකදී ජනාධිපති සහ හිටපු ජනාධිපති හමුවෙයි - මෛත‍්‍රී-මහින්ද බාරකාර දීගයට වැදිරජු මුල පුරයි..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සාක්‍ෂිකරැවන් ලෙස අත්සන් කරන ලද විවාහ උත්සවයක් ඊයේ දිනයේ මීගමුව කුරණ ප‍්‍රදේශයේ හෝටලයකදී පැවැත්වින.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනී සන්ධ්‍යා
ගුණවර්ධන හා ශ‍්‍රීලනිප මීරිගම ආසන සංවිධායක සංජය සරිවර්ධනගේ දියණියගේ විවාහ මංගල උත්සවය සදහා මෙම දෙදෙනා සාක්‍ෂිකරුවන් විය.

අත්සන් කිරීමෙන් පසු ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපතිවරයා සමග අසුන් ගන්වා තිබුනේ වැදි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ය.

අසුන්ගෙන සිටියදී වැදිනායකයා විසින් ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපතිවරයා අමතමින් ‘තවත් මොනවද බලං ඉන්නේ. දැන්වත් එකතුවෙලා වැඩ කරන්න ටන් ගන්න’ යයි සදහන් කර ඇත.

නමුත් එම ඉල්ලීමට ඔවුන් දෙදෙනාම කිසිදු අදහසක් ප‍්‍රකාශ කර නැති අතර සිනහවකින් පමණක් ප‍්‍රතිචාර දක්වා ඇත.

ටික වේලාවකින් ජනාධිපතිවරයා ඒ අසලම සිටි සරණ ගුණවර්ධන මහතා අමතමින් ‘කොහොමද සරණ කාලෙකින් දැක්කෙ නෑ’ කියද්දී පිලිතුරු ලෙස සරණ ගුණවර්ධන මහතා පවසා ඇත්තේ ‘දකින්නෙ කොහෙද සර් වැඩි කාලයක් හිරේනෙ හිටියෙ’ යනුවෙනි.