ළඟ ළඟම මැතිවරණයක්..බඩු මිලත් අඩුවෙයි - වප් මඟුල් උත්සවයේදි ජනපතිගෙන් යළි හෙළිදරව්වක්!

ඉදිරි දින දෙක තුළදී මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කර පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

තිස්සමහාරාමයේ පැවැති ජාතික වප් මඟුල් උත්සවය අමතමින් ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

පසුගිය වසර තුන හමාරක කාලය තුළ උතුරේ
ජනතාවගේ ප්‍රශ්න විසඳීමට නොහැකි වූ බවත් ඒවාද විසඳීමට කටයුතු කරන බවත් ජනපතිවරයා මෙහිදී පැවැසීය.

එසේම නව රජය යටතේ ජනතාවගේ ජීවන බර අඩුකිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.