gossip lanka

ඝාතන කුමන්ත්‍රණය : ආණ්ඩුවේ 'නිහැඬියාව' ගැන ජනපති කනස්සල්ලෙන් !

රටේ රාජ්‍ය නායකයා වන තමාව ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් පැවති බව අනාවරණයව තිබිය දී ආණ්ඩුවේ ප්‍රබලයින් විශේෂයෙන් අගමැතිවරයා හා පොලිසිය බාර ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමත්, ඒ පිළිබඳව වූ පොලිස් පරීක්ෂණ අඩාලව තිබීමත් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
බලවත්සේ කනස්සල්ලට පත්ව සිටින බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසිය.

ජනාධිපතිවරයාට රාජපක්ෂවරුන් සමග සාකච්ජා කිරීමට පවා සිදුවුයේ, ඔහු සහ රාජපක්ෂ පවුලේ සාමාජිකයින් ඝාතනය කිරීමේ සුදානමක් ඇතිබව අනාවරණයව තිබියදී ආණ්ඩුවේ බලධාරීන් ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා බව එම ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

පසුගියදා හඬ පටයකින් අනාවරණය වූ ඝාතන කතාව සම්බන්ධයෙන් පොලිසිය බාර ඇමතිවරයා කල ඇතැම් ප්‍රකාශ හා මෙම සිද්ධියට සම්බන්ධ බව කියන හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා බේරා ගැනීමට ආණ්ඩුවේ ප්‍රබලයින් දරන උත්සාහය පිලිබදව පසුගියදා ආණ්ඩුවට සම්බන්ධ ඇමතිවරුන් කිහිප දෙනෙකු හමුවේ දැඩි කනස්සල්ලකින් අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ බණ්ඩාරනායක මහතා ඝාතනය කුමන්ත්‍රණය සිහිපත් කරමින් යලිත් එවැනි දේශපාලන ඝාතනයක ඉවක් දැනෙන බව සඳහන් කර තිබේ.