ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය පසුපස ඉන්නේ රනිල් වික‍්‍රමසිංහයි..- නාමල් කුමාර මෙතෙක් නොකී කුමන්ත‍්‍රණයේ සියල්ල හෙලි කරයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමට සිදු කල කුමන්ත‍්‍රණය පසුපස සිටින්නේ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ හා හිටපු ඇමති සරත් ෆොන්සේකා බව දුෂණ විරෝදී බලකායේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා
සදහන් කරයි.

සිය නිවසේදී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු මේ බව කියා සිටියේය.

තමන් මෙතෙක් කල් උත්සාහ කලේ මෙම තොරතුර ජනාධිපති මෛත‍්‍රපාල සිරිසේන මහතාට පමණක් කිමට වුවත් අද ඇතිව තිබෙන ආණ්ඩු වෙනස නිසා තමන් මෙය හෙලිදරවු කිරීමට තීරණය කල බවද ඔහු සදහන් කලේය.