gossip lanka

සභාග ආණ්ඩුව : 'මහින්දගේ නායකත්වයෙන් විය යුතුයි' - නාමල්

සභාග ආණ්ඩුවක් සකස් කරන්නේ නම් ඒ සඳහා වැඩපිළිවෙලක් ඉදිරිපත් කර එය මහින්ද රජපක්ෂ මහතා යටතේ ක්‍රියාත්මක කිරීමට හැකිවිය යුතු බව තම අදහස බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

'අද' පුවත්පතේ 'කුරහන් සුවඳ' තීරු ලිපියේ සභා ආණ්ඩුව සම්බන්ධයෙන්
අදහස් දක්වමින් ඔහු මෙසේ සඳහන් කර තිබේ.

“මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය සභාග ආණ්ඩුවක් පිළිබඳ යොමුව තිබෙනවා. පක්‍ෂයේ නායකයන් එක්ව ගනු ලබන තීන්දුවකට එකඟ වීමට සිදුවෙනවා. කෙසේ වෙතත් අවසාන වශයෙන් ගන්නා තීන්දුව රටේ ජනතාවගේ හෙට දවස වෙනුවෙන් සුබවාදී තීන්දුවක් විය යුතුයි.

ඒකාබද්ධ විපක්‍ෂ පක්‍ෂ නායකයන් මෙම තීරණය ගත යුත්තේ රටේ අනාගතයට වැඩපිළිවෙළක් ඉදිරිපත් කර එය මහින්ද රාජපක්‍ෂ මහතා යටතේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන්නේ නම් පමණක්ය යන්න ස්ථාවරයේ මම සිටිමි.”

(අද)