gossip lanka

12 වැනිදා සිට අලුත් අගවිනිසුරු ඊවා වනසුන්දර.. ශ‍්‍රීලනිප-එජාප තියුණු සටනින් එජාපය විසිවෙයි..

වත්මන් අගවිනිසුරු වන ප්‍රියසාද් ඩෙප් මහතා එන 12දා ධුරයෙන් විශ්‍රාම යාමත් නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය පත් කෙරෙනු ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

වනසුන්දර මහත්මිය දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම
විනිසුරුවරිය වන අතර 2011 දී ඇය මෙරට ප්‍රලමු නීතිපතිවරිය ලෙසද පත්වූවාය.

වනසුන්දර මහත්මියට විශ‍්‍රාම යාමට තවත් ඇත්තේ මාස තුනක කාලයක් පමනි.

කෙසේ වෙතත් වත්මන් නීතිපති ජයන්ත ජයසුරිය මහතාද අගවිනිසුරු ධුරයට පත් කරනු ඇති බව එක්සත් ජාතික පක්‍ෂයට සමීප ආරංචි මාර්ග සදහන් කලත් එය සිදු නොවනු ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මා්ග සදහන් කරයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර යවන නම ව්‍යවස්ථා සබාව විසින් අනුමත කල යුතු වුවත් මේ වන තෙක් ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් පත් කර නැත.