බඩුමුට්‌ටු ගෙනයැමට එන හිටපු ඇමැතිවරුන් අල්ලන්න අමාත්‍යාංශ අසල මහා පිරිසක්‌

අමාත්‍යාංශ රැසකම ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් එම අමාත්‍යාංශවලින් ඔවුන්ට අයත් ලිපි ලේඛන ඇතුළු උපකරණ රැගෙන යනවාද යන්න සොයා බැලීම සඳහා අමාත්‍යාංශ අසල විවිධ තරාතිරම්වල පුද්ගලයන් ඊයේ (29 දා) රැස්‌වී සිsටින අයුරු දක්‌නට ලැබිණි.

රාජ්‍ය ආයතන රැසක්‌ පවතින බත්තරමුල්ල සහ ටොරින්ටන් ආශ්‍රිත
ප්‍රදේශවලත් ඉන් පරිබාහිර ප්‍රදේශවල අමාත්‍යාංශ අවටත් මෙම තත්ත්වය දක්‌නට ලැබිණි.

ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ පුද්ගලයන් අමාත්‍යාංශවලින් පිටතට පැමිණෙන වාහන, එහි ගේට්‌ටුව අසල නවතා එම වාහන ඇතුළත පරීක්‍ෂා කර සැකකටයුතු ලේඛන හෝ වෙනත් දේවල් තිබේදැයි සොයා බලන අයුරු ද දක්‌නට ලැබිණි. විශේෂයෙන් නීතිය හා සාමය රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය අසල වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ නියෝජිතයන් කිහිප දෙනකු සහ ආධාරකරුවන් එම අමාත්‍යාංශයෙන් පිටතට පැමිණෙන වාහන පරීක්‍ෂා කරන අයුරු දක්‌නට ලැබිණි.

මෙසේ සැකකටයුතු ලිපි ලේඛන පරීක්‍ෂා කරනු ලැබූවද බොහෝ මැති ඇමැතිවරුන් ඔවුන්ට අයත් පරිගණක ඇතුළු ලිපි ලේඛන පසුගිය සිකුරාදා රාත්‍රියෙත්, සෙනසුරාදා හා ඉරිදා දිනයේත් අමාත්‍යාංශවලින් ඉවත් කරගෙන ගොස්‌ තිබූ බව දැකගන්නට ලැබිණි.

- දිවයින

gossip lanka