gossip lanka

චම්පික රණවකගේ චණ්ඩි පාට් අපට හරියන්නේ නෑ.. ඒකට මුහුණ දෙන්න සූදානම්..- රංගේ බණ්ඩාර

කොළඹ කුණු ගෙනත් දමීමට පුත්තලම කුණු බක්කියක් නොවන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවබෝධ කර ගත යුතු බවත්, ජනතා මතයට පිටුපාමින් ඒකාධිපති ස්වරූපයකින් කටයුතු කිරීමට මේ ආණ්ඩුවේ කිසිවෙකුට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය
පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

වනාතවිල්ලුව, අරුවක්කාඩු ප‍්‍රදේශයට කොළඹ කසළ බැහැර කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

“මම පුත්තලමේ පුරවැසියෙක් විදියට මේ කසළ ව්‍යාපෘතියට මුල සිටම විරුද්ධ වුණා. ඒ විතරක් නෙමෙයි, අගමැතිතුමා දැනුම්වත් කළා. පාර්ලිමේන්තුවේදී කතා කළා. පුත්තලමට කුණු පමණක් උරුම කරන වැඩපිළිවෙල වෙනස් කළ යුතුයි. මට එතැනදී පක්‍ෂ ආණ්ඩු ඇමතිකම් වැදගත් නෑ. ඇමතිකම නැති වුණත් මේ අරගලයට පණ දෙනවා.

පුත්තලමට විතරක් කැබිනට් අමාත්‍යධුරයක් ලබා නොදුන්නෙත් පුත්තලමේ කුණු වැඩ කිරීම පහසු කර ගැනීමේ අරමුණින්ද යන්න ගැනත් සැකයක් තිබෙනවා. කොළඹ කුණුවලට විසඳුම ඒවා පුත්තලමට ගෙනත් ගොඩ ගසන එක නෙමෙයි. ඒවාට විද්‍යාත්මක විසදුම් ලබා දිය යුතුයි.

කොළඹ සිට අරුවක්කාඩුව දක්වා ලොරියකට ගමන් කරන්න අවම වශයෙන් පැය හතරක්වත් ගත වෙනවා. ඒ ගමන තුළ කොළඹ සිට වනාතවිල්ලුව දක්වාම විෂබීජ වැපිරීමත් ගඳ ගැස්වීමත් පමණයි සිදු වන්නේ. එමෙන්ම කුණු ප‍්‍රවාහනය කිරීමට මුදල් වැය කරන්නේ පාඨලී ඇමතිරයා නෙමෙයි. ඒවා ජනතාවගේ මුදල්.

මේ කුණු ගොඩ ගහන්න යන්නේ ඉතා සංවේදී පරිසර පද්ධතියකයි. එක් පැත්තකින් විල්පත්තුව, තවත් පැත්තකින් නීලබැම්ම ව්‍යාපාරය හා ජනතාව පදිංචි ප‍්‍රදේශ. පානීය ජලය ලබා ගන්නා කලාඔය නදියත් ඒ අසළින්ම ගලා යනවා. මේවා ගැන අල්පමාත‍්‍ර හැගීමක් නොමැතිව සිදු කිරීමට උත්සාහ කරන මේ ඒකාධිපති වැඩපිළීවෙල පරාජය කරන්න මා ජනතාව සමග අරගල කරන්න සූදානම් බව නැවත වරක් සිහිපත් කරනවා.

පාඨලී චම්පික ඇමතිවරයා සුපුරුදු චන්ඩි පාට් දානවනම් ඒවට මුහුණ දෙන්න පුත්තලම සූදානම්. වනාතවිල්ලූව ප‍්‍රාදේශීය සභාවේ පොහොට්ටු සභාපතිවරයා සමග එකතුවෙලා තමයි චම්පික ඇමතිවරයා මේ කි‍්‍රයාවලිය දියත් කරන්නේ. මේ ව්‍යාපෘතිය ජන ඝාතන ව්‍යාපෘතියක්. මේක සොබාදහම ඇතුළු සමස්ථ පද්ධතිය ඝාතනය කරන ව්‍යාපෘතියක්.”

– ada