gossip lanka

අගමැති කතා කරද්දී ජනපති නැගිට යන්න යයි.. මුලසුනටත් එන්න බෑ කියයි

‘ඉන්දියානු සාගරය අපගේ ආනාගතය නිර්වචනය කිරීම’ යන මැයෙන් විශේෂිත අන්තර්ජාතික සමුළුවක් අද (11 දා) උදෑසන අරලියගහ මන්දිරයේදී ආරම්භ වූ අතර, දෙදින සමුළුවක් ලෙස පැවැත්වෙන මෙම සමුළුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මුල පිරීමෙන් සිදුවන්නකි.

මෙහි ආරම්භක සැසිවාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සමාරම්භක දේශනය පැවැත්වීමට නියමිතව තිබුණු අතර, සමුළුවට ඒ මහතා සහභාගී වී සිටි නමුත් ප්‍රධාන වේදිකාවට පවා නොපැමිණ සිටියේය.

නිවේදිකාව විසින් පසුව දැනුම් දෙනු ලැබුවේ ජනාධිපතිවරයාට විශේෂ වැඩකටයුත්තක් යෙදී ඇති බැවින් සහා ශාලාවෙන් පිටත්ව යෑමට සිදුව ඇති බවයි. පසුව ජනාධිපතිවරයාට වේදිකාවේ වෙන්කර තිබූ අසුනට විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතාට පැමිණෙන ලෙස ආරාධනා කෙරුණි. ඔහුද නොපැමිණි අතර නිවේදිකාව සමාව ආයාචනා කරමින් එම අසුන සඳහා කථානායක කරූ ජයසූරිය මහතාට ආරාධනා කළාය.

ලක්ෂ්මන් කදිරගාමන් ආයතනයේ අධ්‍යක්ෂ ගනේෂන් විග්නරාජා, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන යන අයගේ පිළිගැනීමේ කතාවෙන් හා අරමුණ පැහැදිලි කිරීමේ කතාවෙන් පසු ප්‍රධාන දේශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරනු ලැබීය.

අග්‍රාමාත්‍යවරයාගේ දේශනාව සිදුවන අතරතුර ජනාධිපතිවරයා සභාවෙන් නික්ම ගිය අතර, ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාට තමන් පිටව යන බවට සංඥා කළ අතර, දේශනාව මදකට නතර කළ අග්‍රාමාත්‍යවරයා හිස සොලවා ජනාධිපතිවරයාගේ සංඥාවට පිළිතුරු දුන්නේය.

මෙහිදී නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා වේදිකාව තුළ එහාට මෙහාට ගමන් කරමින් සමුළුව සාර්ථක කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන අයුරු දක්නට ලැබුණි.

මේ සඳහා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේද දැක්වූයේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමාරම්භක දේශනය පැවැත්වීමට නියමිත බවයි.

– ada