gossip lanka

මෛත්‍රීගෙන් තවත් ආන්දෝලනාත්මක තීරණයක්

පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල පැවසුවේ ඒ අනුව
ජනපති නියමයෙන් පාර්ලිමේන්තුවේ වාර අවසන් කළ බව යි.

මෙම තීරණයත් සමග ලබන සතියේ දී පාර්ලිමේන්තුව රැස් නොවනු ඇති.

නොවැම්බර් 16 වන දා නැවත පාර්ලිමේන්තුව ආරම්භ වන බව කථානායක කාර්යාලය පවසනවා.

ඒ අනුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තු බහුතරය පෙන්වීම සඳහා නොවැම්බර් 16දා වන තුරු සිටිය යුතුවනවා.

gossip lanka