මහින්දගේ ඉල්ලීම විපක්ෂක නායක සම්බන්ධන් ප්‍රතික්ෂේප කරයි..දෙමළ සන්ධානයේ සහය කාටද..?

විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා  සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් ඊයේ (30) දා  විජේරාම පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ  නිල නිවසේදී පැවැත්විය.

එම සාකච්ඡාව පිළිබඳව අදහස් පළකරන විපක්ෂ නායකවරයා සඳහන්
කරන්නේ ආණ්ඩුව පවත්වාගෙන යෑමට සහාය ලබාදෙන්නැයි මහින්ද රාජපක්ෂ මහතා තමාගෙන් ඉල්ලීමක් කළ බවත් තමා එය ප්‍රතික්ෂේප කළ බවත්ය.

එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලැබුණු ආරාධනයකට අනුව හිටපු ජනාධිපති නිල නිවසට ඊයේ (30දා) පෙරවරුවේ ගොස්  ඔහු  හමු වූ බවත්, එහිදී ආණ්ඩුවට සහාය දීම සම්බන්ධව කිසිදු එකඟතාවක් ඇති නොවූ බවත් සම්බන්ධන් මහතා ප්‍රකාශ කළේය.

මේ අතර දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පවසන්නේ ජනාධිපතිවරයා විසින් නව අගමැතිවරයෙකු පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනි වන බැවින් පාර්ලිමේන්තුව නැවත කඩිනමින් කැදවිය යුතු බවත්,ඒ වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ සහයෝගය ලබා ගැනීම සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා රාජපක්ෂ මහතා සමඟ සාකච්ජා කළ බවයි.

වර්තමානයේ පවතින දේශපාලන තත්වය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වි සාකච්ජාවක්ද පැවැත්වූ බවත්,එහිදි දෙමළ ජාතික සන්ධානය කුමන පාර්ශවයකට සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් වන තීරණයක් නොගත් බවත් ඔහු වැඩිදුටත් සඳහන් කරයි.

gossip lanka