"මට දිගටම බලයේ ඉන්න සහය වෙන්න" රනිල් ඉවත් නොවේ, බටහිර තානාපතිවරුන් හමුවී සංවේදී ඉල්ලීමක් කරයි!

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කිරීමට විදෙස් තානාපතිවරුන් රැසක් ඊයේ දින (27) අරලියගහ මන්දිරයට රැස් වූවා. ඒ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනාවකට අනුවයි. යුරෝපය ඇතුලු රටවල් ගණනක තානාපති නිළධාරීන් මේ සදහා එක්ව සිටියා.

එහිදි රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ගෙන් ඉල්ලා තිබෙනුයේ අග්‍රාමාත්‍ය
මහින්ද රාජපක්ෂ මහතාගේ පත් කිරීම නීතිවිරෝධි බවත්, තමන්ට නැවතත් බලය ලබා ගැනීමට මැදිහත් වී සහය දෙන ලෙසය.

තමන් අගමැති වූ දිනයේ සිට එක්සත් ජාතීන්ගේ සංගමයට අවශ්‍ය වූ ප්‍රතිසංස්කරණ ශ්‍රී ලංකාවේ කරමින් සිටි බවත් මෙම ක්‍රියාව නිසා ඒ සියලු කටයුතු අඩපණ වූ බවත් එජාප නායකයා මෙහිදි තානාපතිවරුන්ට පවසා තිබෙනවා.

කෙසේ වෙතත් ස්වාධීන රටක් වන ශ්‍රී ලංකාවේ කටයුතු වලට විදේශ රටවල් මැදිහත් වීම ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට දැඩි තර්ජනයක් බව සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමාජජාලා ක්‍රියාකාරිකයන් පෙන්වා දී තිබුනා.