gossip lanka

හෙට ආන්දෝලනාත්මක තීන්දුවක්.. විත්තිකරු නිදොස්කර නිදහස්.. රන්ජන් දුරකතනයෙන් තහවුරු කර කියයි..

හෙට දිනයේදී මෙරට ඉතිහාසයේ සුවිශේෂී නඩු තීන්දුවක් ලැබෙනු ඇති බවට තොරතුරු ඇති බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා සිය නිවසේදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

මාධ්‍ය හමුව අතරතුරදී පුද්ගලයන් දෙදෙනෙකුටද අමතා එම තොරතුර
තහවුරු කරගත් ඔහු කියා සිටියේ හෙට දිනයේදී අදාල විත්තිකරු නිදොස් කර නිදහස් කරනු ඇති බව 99%ක් විශ්වාස බවයි.

මේ අතර භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද‍්‍ර ඝාතනය සම්බන්ධයෙන් මහාධිකරණය විසින් වරදකරු කර මරණ දඬුවම නියම කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා විසින් ශ්‍රේෂඨාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවේ තීන්දුව හෙට දිනයේ ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

තමන් විසින් හෙලි කරන ලද්දේ මෙම නඩුව ගැනදැයි නියෝජ්‍ය ඇමතිවරයා නොපැවසුවේය.